අද දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය මතයි.
කලාප 20 කට බෙදා දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් පසුගිය සති කිහිපයේම ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීමට නොහැකිව දැඩි ලෙස දුෂ්කරතාවට පත් විය.