Colombo Today Local News

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට වත්මන් රජය යටතේ අඳුරු යුගයක පෙරනිමිති පහල වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (16)දින ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පසුගිය දා එල්ල වූ ගල් මුල් ප්‍රහාරයෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ අඳුරු යුගයක සෙවනැලි මතු වෙන බව ද විජයවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය නායකයා කීවෙි රට දිනෙන් දින අගාධයකට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හෙලි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බව බවයි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin