Colombo Today Local News

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

Mahinda May day

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් සියයට අනූනවයක්‌ම (99%) කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියට සහභාගිවීමට තීරණය කර ඇති බව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ පළාත්පාලන සංසදයේ කැඳවුම්කරු උදේනි අතුකෝරල මහතා පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් පෙදෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ඊයේ (21 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් පාලන සංසදයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

ගම් මට්‌ටමේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ ස්‌වේච්ඡාවෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියට සහභාගි වීමට පෙළ ගැසී සිටින බවත් මෙරට මැයි දින ඉතිහාසයේ අති විශාල ජනතාවක්‌ සහභාගි වන මැයි දින රැලිය බවට පත්වන්නේ කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයිදින රැලිය බවත් අතුකෝරල මහතා පැවැසීය.

අද සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග බවත් එතුමාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියෙන් ජන බලය තිබෙන්නේ කොතනදැයි යන්න පෙන්නුම් කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Related posts

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

රනිල් පසු බසී… විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

colombotoday

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday