Colombo Today Local News

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප මන්ත්‍රීවරයකු කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජි එස් සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ලියා පදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන ලද එකක් මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකුගෙන් ලද මෙම වාහනය වසර පහක පමණ කාලයක සිට පරිහරණය කර ඇති බව ද පොලිසිය කියයි.

Related posts

“මහින්දට 45% යි.. බහුතරය අපටයි.. ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා“ – රාජිත

colombotoday

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday