Colombo Today Local News

යාපනය, අරසඩිහි අඩියේ සාද දැමූ 5ක් රිමාන්ඩ්.

ඊයේ (31)දින අලුයම් කාලයේදී යාපනයේ, අරසඩි ප්‍රදේශයේ සාදයක් පැවැත්වූ ස්ථානයක් වටලා පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිට ඇති බවයි.

සැකකරුවන් ඊයේ (31)දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 7 තෙක් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම එම අධිකරණය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇත්තේ, අදාළ සැකකරුවන්ගේ පවුල්වල සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙසයි.

Related posts

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

colombotoday

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday