Colombo Today Local News

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට

ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සුදු සැරයටි පා ගමන හා සැමරුම් දින උත්සවය මෙවර සංවිධානය කර නොතිබුණ අතර ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත නිර්මාණකරුවන්ගේ දීප ව්‍යාප්ත කෙටිකතා සහ පද්‍ය රචනා තරගයක් පවත්වා ඉන් තෝරාගත් නිර්මාණ ඇතුළත් කරමින් “කඩතුරාව” නමින් නිර්මාණ ග්‍රන්ථයක් මෙසේ ප්‍රකාශයට පත් කර තිබේ.

දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය ප්‍රාථමික වෛද්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලබා ඇත.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා මෙහි දී දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාට සුදු සැරයටියක් පිරි නැමුවේය.

Related posts

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

වගාබිම කුණුවෙනවා. බොල්වෙනවා. – කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?

colombotoday

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

අගමැති රැකගන්න පුරවැසි බලය එයි.. ජනපතිට ඉල්ලා අස්වී ගෙදර යන්න කියයි

colombotoday