Colombo Today Local News

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

රිය අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ, රිය අනතුරු බහුලව සිදුවීමට හේතුව සහ ඒවා අවම කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි.

මේ අතර හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණ උපකරණ විදේශයන්ගෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, රිය අනතුරු බහුල වීමට එක් හේතුවක් ලෙස මත්පැන් සහ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම හඳුනා ගෙන ඇති බවය.

ස්විස්ටර්ලන්තය, ජපානය සහ ජර්මනියෙන් අත්හදා බැලීම සඳහා එවැනි පරීක්ෂණ උපකරණ කට්ටල කිහිපයක් මේ වනවිට මෙරටට ගෙනවිත් ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැදවයි… අවම සුදුසුකම් මෙන්න…

colombotoday