Colombo Today Local News

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

මාතලේ, ලග්ගල පොලීසියේ ආරක්ෂික පෙට්ටියේ තැන්පත් කර තිබු ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් කිසියම් පුද්ගලයෙක් අද අලුයම සොරකම් කරගෙන ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සරමකින් සහ කමිසයකින් සැරසුණු පුද්ගලයකු මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

පොලිස් ස්ථානයේ උප සේවා කාමරය අසල තැන්පත් කර තිබු එම ආරක්ෂිත පෙට්ටිය අසල තිබු යතුරු කැරැල්ල ගෙන විවෘත කර එලෙස ගිනි අවි සොරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා නිලධාරින් 4 දෙනෙකු අනුයුක්තව සිට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිලධාරීන් බීමතින් සිටියේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රෝහල්ගත කර ඇති බව ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව විශේෂ කන්ඩායමක් ලග්ගල පොලිස් ස්ථානයට පිටත්ව යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙන කජු බල්ලෙකුටවත් කන්න බැහැ – ජනාධිපති

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday

ඇමරිකාවේ මහ යුධ නැවක් අනිද්දා ලංකාවට

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday