බුලත්සිංහල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්වුණු අවස්ථාවේ ශ්‍රීලනිප අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා එජාප නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතර දැඩි උණුසුම්කාරී කතා බහක් ඇතිවිය. තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දැඩි ලෙස බැණ වදිද්දී ඇමති මහින්ද සමරසිංහ රැස්වීම හදිසියේ අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියේය.