Colombo Today Local NewsUncategorized

“නාගදීපයේ බුදු පිළිමය අපේ නිජබිමට තර්ජණයක්” ද්‍රවිඩ සන්ධානය අවි අමෝරයි

නාගදීප විහාරස්ථානයේ ඉදිකරන නව බුදු පිළිම වහන්සේ ද්‍රවිඩ ජනතාවට තර්ජනයක් බවත් එය ඉදිකරනවාට තමන් දැඩි ලෙස විරෝධය පල කරන බව, උතුරු පළාත් සභාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රි වින්තන් කනගරත්නම් පවසයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වූ බාලචන්ද්‍රන් ගජදීපන් හා වින්තන් කනගරත්නම් නාගදීපයට ගොස්‌ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී ඇති අතර එහිදි වින්තන් කනගරත්නම් පවසා ඇත්තේ.

“නාගදීපයේ ද්‍රවිඩ පවුල් 980 ක්‌ සිටිනවා. ඔවුන් අතර ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් පවුල් 85 ක්‌ ද සිටින අතර මෙම පවුල් සංස්‌කෘතික තර්ජනයකට මුහුණපා සිටිනවා. මේ බුදුපිළිමය ඉදිකිරීමට ද්‍රවිඩ ජනතාව විරෝධතා පළ කරනවා යනුවෙනි. අඩි 61 ක බුදුපිළිමය ද්‍රවිඩ නිජබිමේ සිටින ද්‍රවිඩ ජනතාවට තර්ජනයක්‌ බවත් ඔවුන් එහිදි වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉදිකිරීමට යෝජිත නාගදීප රජමහා විහාරයේ බුදු පිළිමයට එරෙහිව යෝජනාවක් ඉකුත් 07 වැනිදා උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇත.

මේ අතර නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මකව ඇති බව නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ පසුගියදා ප්‍රකාශ කලා. රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතිබුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබෙන බව පවසන උන්වහන්සේ කියා සිටියේ කවුරුන් කුමන ආකාරයේ බලපෑම් එල්ල කලද බුදුපිළිම වහන්සේ ඉදි කරන බවයි .

මේ සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම මැදිහත් විය යුතු බවත් , දිසාපතිවරයාගේ මේ සැක කටයුතු ඉල්ලීම පිළිබද සොයා බලා යහපත් පිළිතුරක් ලබා දෙන ලෙසට තමන් බළධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ පසුගිය දිනවලදී වැඩිදුරටත් කියා සිටියා.

 

Related posts

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

colombotoday

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin