සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නාහිමියන් ලෙස බදුලු මුතියංග රාජ මහා විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන අනු නාහිමියන් තේරි පත්වූහ.
මේ සඳහා අස්ගිරි පාර්ශවයේ කාරක මහා සංඝ සභාව අද (07)පස්වරු 04.00 ට රැස්වූ අතර එහිදී ඒකඡන්දයෙන් මෙම පත්කිරීම සිදුව තිබෙනවා.
අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය පුරප්පාඩු වූ අතර, ඒ අනුව අද අස්ගිරි පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව රැස්ව නව මහානාහිමියන් තෝරා පත් කර ගනු ලැබීය.