Colombo Today Local News

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5 දක්වා වැඩිකර තිබේ.

සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේ, මේ දක්වා එක් පුද්ගලයෙකුට ලබාදුන්නේ සීනි ක්‍රිලෝගෑම් 3 ක් පමණක් බවයි.

සීනි ලබාගැනීමට පැමිණෙන ජනතාව පෝළිම්වල සිටින්නට සිදුව ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව සතොස වෙළඳසල් තුළට එකවර 5 දෙනෙකු පමණක් ඇතුළත් කර ගැනීම හේතුවෙන් බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ, මෙරට පාරිභෝජනයට අවශ්‍ය සීනි තොග ප්‍රමාණවත් තරම් පවතින බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දුෂ්කර පළාත්වල ඇතැම් වෙළඳසල් සඳහා සීනි බේදා හැරිමේ සුළු ප්‍රමාදයන් ඇති විය හැකි බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday