Colombo Today Local NewsHot News

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

black money 1222

2004 වසරේ සිට 2013 දක්වා කාලසීමාවේදී දූෂිත දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ අපරාධකරුවන් ඩොලර් මිලියන 2665 ක මුදලක් රහසිගතව මෙරටින් බැහැර කර ඇතැයි නවතම වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.

ඒ අමරිකාවේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටර්ගි‍්‍රටි ආයතනය ලෝකයේ කලු මුදල් ජාවාරම සම්බන්ධයෙන් නිකුත් කල නවතම වාර්තාවකට අනූවයි. ඒ අනූව එම දස වසර තුළ මෙරටින් කලු මුදල් ලෙස බැහැර කර ඇති මුදලේ සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි තිස්දහසකට අධික වන බව එම වාර්තා මගින් අනාවරණ කර තිබෙනවා. ඒ අනූව 2004 වසරේදී ඩොලර් මිලියන 187 ක මුදලක් මෙරටින් බැහැර කර ඇති අතර 2005 වසරේදී ඩොලර් මිලියන 65 ක් කලු මුදල් ලෙස මෙරටින් ඉවත්කර තිබෙනවා.

2006 වසරේදී ඩොලර් මිලියන 96 ක් / 2007 වසරේදී ඩොලර් මිලියන 155 ක් බැගින්ද ශ‍්‍රී ලංකාවෙන් බැහැර කර ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ’ වැඩිම කලු මුදල් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් ඉවතට ඇදී ගොස් ඇත්තේ 2010 වසරේදීයි. එම මුදල ඩොලර් මිලියන 867 ක්.

2010 වසරේදී ඩොලර් මිලියන 317 ක් / 2012 දී ඩොලර් මිලියන 385 ක් සහ 2013 වසරේදී ඩොලර් මිලියන 594 ක් ශ‍්‍රී ලංකාවෙන් ඉවත්කරගෙන ඇති බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. ඒ අනුව එම දස වසරේදී වසරකට ඩොලර් මිලියන 266 ක සාමාන්‍ය අගයකින් කලු මුදල් මෙරටින් ඉවතට යවා ඇති බව ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටර්ගි‍්‍රටි ආයතනය අනාවරණ කර ති‍බෙනවා.

මෙම වාර්තාව අනුව ලෝකයේ වැඩිම කලු මුදල් භාවිතයක් සිදුව ඇත්තේ චීනය තුලයි.එය ඩොලර් මිලියන දෙලක්ෂ හැත්තෑ තුන්දහසක් පමණ වනවා. ඉරාකය, ඉරාණය, මැලේසියාව, මෙක්සිකෝව, නයිජීරියාව, පෝලන්තය, රුසියාව, වෙනිසියුලාව සහ වියට්නාමයද මෙම ලැයිස්තුවේ ඉහළින්ම රැදී සිටිනවා. අදාල දශකයේදී පමණක් ඩොලර් මිලියන ලක්ෂ 13 ක් ලෝකයේ කලු මුදල් ලෙස සංසරණය වී ඇති බවයි අදාල වාර්තාව වැඩිදුරටත් හෙළිකරන්නේ.

Related posts

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

colombotoday