Colombo Today Local News

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

champika - amarapala

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙකු වන විද්‍යා අමරපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලොව පුරා සිටින ඇතැම් දේශපාලකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්, මාෆියා නායකයන් තමන්ගේ වත්කම සගවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදු වලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළිව ඇති ‘පැනමා පත්‍රිකාවලට’ විද්‍යා අමරපාල මහතාගේ නම සම්බන්ධවීම මෙම ඉල්ලා අස්වීමට හේතුව බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම මිතුරෙකු වන අමරපාල මහතා, චම්පික රණවක මහතා විදුලිබල ඇමතිව සිටියදී ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කළේය.

එමෙන්ම, විද්‍යා අමරපාල මහතා අධ්‍යක්ෂවරයෙකුව සිටි (2003 – 2010) Sovereign Capital Corporation ආයතනය යම් නීති විරෝධි මූල්‍ය කටයුත්තක නියැලී සිටියාද යන්න සොයා බලන්නැයි චම්පික රණවක අමාත්‍යවරයා විසින් සිය ලේකම්වරයා හරහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දීමක්ද කර ඇත.

දූෂිත දේශපාලනයට එරෙහිව තමන් කරන අරගලය කැලැල් කිරීමට දරන උත්සාහයන්ගෙන් වඩාත් නිවැරදි වීම සදහා මෙලෙස ක්‍රියාත්මක වූ බවද අමාත්‍යවරයාගේ නිවේදනයේ සදහන් වේ.

Related posts

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ධූරයේ වැඩ භාර ගනියි

colombotoday