බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පලකරමින් බ්රසල්ස්හි Molenbeek නගරයේදී පැවැත්වුණු උද්ඝෝෂණයක් අතරතුරදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මුස්ලිම් කාන්තාවක් හිතාමතාම හප්පා පළාගොස් තිබෙනවා.
උද්ඝෝෂණය අතරතුර ඒ අසලින් ගිය මුස්ලිම් කාන්තාවක් මෙලෙස අනතුරට පත්කර රියදුරා විසින් මෝටර් රථයේ සිටම පොලිස් නිලධාරීන්වත් ඡායාරූපගත කරමින් පළා ගොස් තිබෙන අතර ඔහුව අත්අඩංගුවට ගැනීම පොලීසියට නොහැකි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග යුරෝපය පුරා ගොඩනැගුණු මුස්ලිම් විරෝධි රැල්ල බ්‍රසල්ස් ප්‍රහාරයත් සමග තවත් දරුණු වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.