Colombo Today Local News

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

dig anura

ඊයේ දිනයේ ඩුබායි බලා ගිය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේම ඩුබායි ගුවන් තොටුපලෙන් EK-163 දරණ ගුවන් යානයෙන් ඩුබායි වේලාවෙන් පස්වරු 03.30ට අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර දක්වා පිටත්ව ගොස් ඇත. එහිද ඔහු ගමන් කර ඇත්තේ අධි සුඛෝපභෝගී ව්‍යාරික පන්තියේ කුටියකයි.

යානය බඞ්ලින් නුවර ගොඩබෑමේදී ගුවන් යානය පැය කාලක පමණ ප‍්‍රමාදයක් සිදුව ඇති අතර ගුවන් තොටේ ශ‍්‍රි ලාංකික යුවලක් සිටිනු දැක කලබල වී ඇති ජවිපෙ නායකයා වහා ගොස් මෝටර් රියකට ගොඩ වී තිබේ.

ලාංකික පවුල් 50ක් පමණ එම ප‍්‍රදේශයේ සිටින අතර අනුර දිසානායක පිලිගැනීම සඳහා කිසිම පුද්ගලයෙකු ඩබ්ලින් ගුවන් තොටට පමිණ තිබුනේ නැත.

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දියනිය අයර්ලන්තයේ ට‍්‍රින්ටි විදුහලට ඇතුලත් කර රැකබලා ගත් කොටි ප‍්‍රධානියෙකු වන ‘රංගන්’ට අයත් රසල් කෝට් හෝටලයේ ජවිපෙ නායකයා නවාතැන් ගෙන ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. මීට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අයර්ලන්ත සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙකී රංගන් ගුවන් තොටට පැමිණ පිලිගත් අතර අගමැතිවරයා නවාතැන් ගත්තේ ‘රසල්කෝට්’ හෝටලයේය. මෙම රංගන් නැමැත්තා එරට ශ‍්‍රී ලංකා කොන්සියුලර් ධුරයක් බලාපොරොතුවෙන් සිටින්නෙක් බවද කියැවෙයි.

ජවිපෙ නායකයාගේ මෙමබ සංචාරය මේ වන විට එම පක්‍ෂය තුලද අර්බුදකාරී තත්වයක් මතු කර ඇති අතර අප්‍රෙල් විරු සමරුවද නොතකා පක්‍ෂ නායකයා පුද්ගලික සංචාරයක නිරත වීම ගැන ඉදිරි පෙල නායකයන් නොසතුටින් පසුවෙති.

මෙම විදෙස් සංචාරයේදී ජවිපෙ නායකයා ජනහමු හෝ සම්මන්ත‍්‍රණ පවත්වන්නේ යයි මෙතෙක් කිසිදු මාධ්‍යයක් ඔස්සේ වාර්තා කර නැති අතර ඔහුට විදෙස්ගත ශ‍්‍රී ලාංකික සංවිධායක් හෝ ජවිපෙ ශාඛාවක්ද මෙම සමයේ විදෙස් සංචාරයක් සඳහා ආරාධනා කර නැත.

කොටි ඩයස්පෝරාව හා මෙරටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් ක‍්‍රියාත්මක වන අයර්ලන්තයට ජවිපෙ නායකයා විසින් සිදු කරන රහසිගත චාරිකාව ගැන ජවිපෙ ඉදිරි පෙල ක‍්‍රියාකාරිකයන් කැළඹී සිටිති.

Lankacnews

Related posts

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

කැබිනට් සංශෝධනය මතු සම්බන්ධයි ! ශ්‍රීලනිප ඇමතිලාගේ තනතුරුවලට වෙන දේ මෙන්න

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin