World

බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිහඬ පිළිවෙතක්

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බකින්හැම් මාලිගාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටි.

ඒ මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු වෛරසය ආසදනය වී ඇති බවට හඳුනා ගැනීමට පැය 48 කට පෙර සිය මව වන දෙවන එළිසබෙත් මහ රැජිණ බැහැදැකීම හේතුවෙන්ය.

මේ වන විට බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැඩි අවදානයකින් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර් හටද, කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර් මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් ඇය කොවිඩ් මර්ධන එන්නත් දෙක සහ බූස්ටර් එන්නත ද ලබාගෙන සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වන විට චාර්ල්ස් කුමරුන් දෙවන වරටද කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටි අතර සිය සැමියා කොවිඩ් ආසාදිතයෙක් බවට වාර්තා වී පැය 24ක් ගතවීමෙන් අනතුරුවද කෝර්න්වෝල් ආදිපාදවරිය මහජන හමුවකට එක්වූ බවට සඳහන් කරයි.

Related posts

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියට

Admin

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin

පෙම්වතා නිසා උපන් දරුවා විකුණා ඒ මුදලින් යලි කන්‍යාභාවය සදා ගැනීමට තැත් කල තරුණියට අවුරුදු 6ක සිරදඬුවම්

colombotoday