Colombo Today Local News

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

මේ වන විට මෙරටින් හඳුනා ගන්නා සියලුම කොවිඩ් රෝගීන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඔමික්‍රෝන් බරපතළ රෝගයක් නොවන බව වැරදි අදහසක් බවත් බරපතළ රෝගීන් දක්නට සිටින අතර ඔමික්‍රෝන් තත්ත්වය හේතුවෙන් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ගන්නා බව ඔහු සඳහන් කරයි.

“අද මේ වන විට කොවිඩ් මර්දනයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය හා සමග මතු වී තිබෙන තත්ත්වය ගැන තමයි මේ දිනවල වැඩිපුරම අවදානය යොමු කරන්නේ. ඒ මක්නිසා ද යත් දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති අය බව තමයි තහවුරු වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වු රෝගියෙකුට නැවත ඔමික්‍රෝන් ප්‍රභේදයෙන්ම ආසාදනය විය හැකියි. කිහිපවතාවක්ම ආසාදනය විය හැකියි. කතා බහක් තිබුණා මෙය එතරම් බරපතළ ප්‍රභේදයක් නොවේ ද කියලා. නමුත් ඒක වැරදි අදහසක් බරපතළ රෝගීන් දකිනවා තවමත්. ඔමික්‍රෝන් තත්ත්වය නිසා ICU ගත වෙච්ච රෝගීන් සිටිනවා. එම නිසා එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම අත්‍යාවශයයි.”

Related posts

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday