Colombo Today Local News

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

යාපනය චාවාකච්චේරියේ නිවසක තිබී සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් ඒවා නොවන බව ද්‍රවිඩ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී, එම්. සිවාජිලිංගම් පවසයි.

මෙය උතුරේ කොටි සංවිධානය නැවත නැගිටින බව පෙන්වීමට දකුණේ පිරිසක් ගත් උත්සාහයක් බවට සැකයක් ඇති බවත්, උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින බවත් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියයි.

දකුණේ දේශපාලන බලවේග පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උතුරේ යළි ත්‍රස්තවාදය නැගී සිටින බව පෙන්වීමට උත්සහා දරණ බව කී මන්ත්‍රීවරයා මෙය හමුදාව දිගටම උතුරේ රැදවීම සදහා කරන්නට ඇති බවට සැක සිතෙන බවද කියයි.

සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කොටි නායක වේලුපිල්ලේගේ මස්සිනා කෙනෙකුද වෙයි.

Related posts

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday