Colombo Today Local News

අධිභාර බද්ද EPF, ETF ඇතුළු අරමුදල් 09 කට ඇතුළත් නොවෙයි…

අධිභාර බද්ද, EPF, ETF ඇතුළු තවත් අරමුදල් 09 කට ඇතුළත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ, ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

මෙය 2020 සහ 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් බිලියන 2,000 කට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ ආයතන මත එකවරක් පමණක් අයකරන 25% ක අධිභාරයක් පමණක් බව ද මුදල් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි පුද්ගලයින් සහ සමාගම් 69 ක් හඳුනා ගෙන ඇති බවයි.

ඔවුන්ගෙන් මෙම අධිභාරය අය කර ගැනීමේ දී රුපියල් බිලියන 105 ක් ලැබෙන බවට ද ඇස්තමේන්තු කර ඇතැයි මුදල් අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ එම අධිභාරය EPF, ETF සහ තවත් අරමුදල් 09 කට කිසිසේත් ම අදාළ නොවන බවයි.

Related posts

ප්‍රාදේශීය සභා අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී පොලිසියට මාට්ටු

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday