Colombo Today Local News

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14)දින සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව එම පනත් කෙටුම්පත එදින සිට බලාත්මක වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා සංශෝධන සහිතව සම්මත විය.

මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස්විය.

මීට අමතරව තවත් සංශෝධන ගණනාවක්ද ඊට ඇතුළත් කෙරිණ.

Related posts

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday