7 April 2025
Colombo Today Local News

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

ඉන්දියානු ණය ආධාර යටතේ හිමි වූ රුපියල් බිලියනක මුදලින් රුපියල් මිලියන 65ක් වැය කර පෙළපොත් සහ අභ්‍යාස පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ඉදිරි සති තුනක කාලය ඇතුළත තමිල් නාඩුවෙන් ආනයනය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි,තීන්ත ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කර අදාළ තොරතුරු වෙළෙඳ අමාත්‍යංශයට, භාණ්ඩාගාරයට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට මේ වන විට දැනුම් දී අවසන් බව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇඹිලිපිටියේ සහ වාලච්චේන කර්මාන්ත ශාලාවල කලකට ඉහතදී කඩදාසි නිෂ්පාදනය සිදු වුණත් මේ වන විට අදාළ ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට සිදුව තිබෙන බව ද ඒ මහතා කියා සිටියේ ය.

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග මේ වසරේ අනිවාර්යෙන් ම පැවැත්වෙන බව ද පැවැති උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිළුල හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බව ද උසස් පෙළ විභාගය පැවැත් වීමට පෙර දිවයින පුරා සමීක්ෂණයක් සිදු කොට අදාළ විෂය නිර්දේශ අවසන් කොට ඇති ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඒ අනුව, ප්‍රශ්න පත්‍ර සැකසෙන බව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී විශේෂ වැඩමුළු දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වා මඟ හැරුණු අධ්‍යාපනය යළි ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.

සියලු ම විශ්ව විද්‍යාලයන්හි ගැටලු සම්බන්ධයෙන් වාර්තා ලබා ගෙන එම ගැටලු විසඳීම සඳහා කටයුතු කරන බව ද මෙම ගැටලුවක් සම්බන්ධයෙන් මේ වන විට ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග සාකච්ඡා කළ බව ද හෙතෙම කීය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි

colombotoday

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday