Colombo Today Local News

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

jhu

ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්විණි. එම අවස්ථාවට හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත්සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාංවංශ හිමි, මධ්‍යම කාරක සභික හෝමාගම නාගරික මන්ත්‍රී තරිඳු දිලීප ගමගේ මහතා ද, සහභාගි විණි.

මෙහිදී අදහස් දැක්වු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

යුද්ධය නිමාවීමෙන් පසු සෑම වසරකම මාර්තු මාසය ශ්‍රී ලංකාවට තීරණාත්මක මාසයක් බවට පත්වූයේ ජිනීවා මානව හිමිකම් සැසිය නිසා. ජිනීවා මානව හිමිකම් සැසියෙන් ලංකාව විශාල ආතතියකට පත්වුනා. සියලු ප්‍රශ්න ප්‍රශ්න කළා. මාර්තු මාසයේ ජිනීවා වල මොකද වෙන්නේ කියලා දෑස් දල්වාගෙන බලා හිටියා. ඒ මාසයේ රටේ දේශපාලන තේමාව ජිනීවා. වාද විවාද සම්මන්ත්‍රණ, උද්ඝෝෂණ පෙළපාලි, පෙත්සම් කෙළවරක් නැහැ. මහින්ද රාජපක්ෂ විදුලිපුටුවට ගෙනියනවා කියලා මර ලතෝනි දුන්නා. සම්බාධක වැටෙයි. හමුදා ප්‍රධානීන්ට තහංචි වැටෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව අලුතින් යෝජනා සම්මත කරයි කියලා මේ රටේ ජනතාව පුදුමාකාර බයෙන් හිටියේ. එහෙම තිබුණු රට 2016 මාර්තු මාසයේ වෙලා තියෙන වෙනස කොතෙක්ද කියනවානම් ජිනීවා වලින් ප්‍රශ්නයක් තිබුණා කියලවත් අද හුඟදෙනෙකුට මතක නැහැ.

මාර්තු 17 හයිඩ්පාර්ක් ජන සටන රැළියේ දී වත් මහින්ද කඳවුරේ අය මේ ගැන එක වචනයක්වත් කතාකළේ නැහැ. මෛත්‍රී රනිල් පාලනය තුළ ජාත්‍යන්තරයේ වෙලා තියෙන වෙනස මෙකෙන්ම තේරුම් ගන්න පුළුවන්. ජිනීවා භීතිය නැතිවෙලා. ඒක අද මාතෘකාවක් නොවේ. මහින්ද කඳවුරේ ඩලස්, ගම්මන්පිල, බන්දුල ජිනීවා යනවා පැමිණිලි කරන්න. මොනවා ගැනද, පාර්ලිමේන්තුවේ වෙන අසාධාරණකම් ගැන.

ඩයස් පෝරාවේ කටවල් වැහිලා. පෙළපාලි උද්ඝෝෂණ යුරෝපයේ නැහැ. මේක තමයි ජනවාරි 08 ප්‍රජාතන්ත්‍රවාදයේ විප්ලවයෙන් රටේ සිදුවූ වෙනස. ජාත්‍යන්තර බලපෑම තුනී වුනා. ලෝක අවධානයෙන් අපේ රට මිදුණා. දැන් ජිනීවා උෂ්ණය ගිහිල්ලා. රට ඇතුලේ තියෙන්නේ ඉඩෝරයේ රස්නේ. මේ රස්නයට හේතුව විමල්ලා,ඩලස්ලා, බන්දුලලා අහස පොළොව නුහුලන පට්ටපල් බොරු කියන නිසා. ඒවාට දෙවියොත් කෝප වෙනවා. බොරුවල තරමට ඇතුගලත් පිපිරුවා. මේකෙන් පේනවා මාර්තු මාසයේ ජිනීවා ගැන කිසිම හාවක් හූවක් නැති බැවින්ම පේනවානේද අපි ජාත්‍යන්තර පීඩනයෙන් ගැලවුනා කියලා. ඒ ජනවාරි 08 දින ලැබු ප්‍රතිඵලය බව රටේ ජනතාවට අපි මතක් කරන්න කැමතියි.

ජාතික හෙළ උරුමය
මාධ්‍ය ඒකකය

Related posts

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

කොරෝනා මළ සිරුර තබාගැනීමෙන් කරාපිටිය රෝහලේ අවදානමක්. පොලිසිය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරලා. සේවකයින් නොසන්සුන්

colombotoday

අනුබුදු මිහිදු මාහිමියන් පිරිණිවන් පා වසර 2228 යි… අනුස්මරණ උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම රජය ප්‍රතික්ශේප කරයි…

colombotoday

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday

විරෝධතාකරුවෝ කාල්ටන් නිවස වටලති. දැඩි ආරක්ෂක රැකවල්

colombotoday