Colombo Today Local News

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

2021 (2022) අපොස සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරනු ලබන පරීක්ෂණ මණ්ඩල සඳහා එක් උත්තර පත්‍රයක් සඳහා ගෙවන ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත්තේ, පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා උත්තරපත්‍ර පරීක්ෂණවරුන්ට ගෙවනු ලබන දෛනික වියදම් සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම 2022.06.10 වන දින අමාත්‍යවරයා හා වෘත්තීය සමිති සංවිධාන සමග පැවති සාකච්ඡාවේ දී සිදුකරන ලද ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් නිවේදනය කර ඇත.

Related posts

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

colombotoday

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday