Colombo Today Local News

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

jon bass

වත්තල කළුඇළ ප්‍රදේශයේ ඉදි කර තිබූ ඇවිදින මංතීරුව විනාශ කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් පොදු දේපළක් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පොදු දේපළ තමන්ට ඕන විදියට විනාශ කර දමන්න එක එක්කෙනාට ඉඩ දෙන්න කිසිම අයිතියක් නොමැති බවත් ජෝන් අමරතුංග මහතා හා චම්පික රණවක ඇමැතිවරයා දෙපැත්තට චෝදනා කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.ගම්පහ කළුවැල්ල ප්‍රෙද්ශයේ ඉදි කර තිබූ ඇවිදින මංතීරුව පසුගිය 26වෙනිදා රාත්‍රී විනාශ කර තිබූ අතර අය නිරීක්ෂණය කිරිමට විජිත හේරත් මහතා ඊයේ (29) එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙළේය.

‘හොඳින් තිබූ මංතීරුවට ජෝන් බාස්ගේ වැඩක් කරලා තියෙන්නේ. මෙය පොදු දේපළක්. පොදු දේපළ තමන්ට ඕන විදියට විනාශ කර දමන්න එක එක්කෙනාට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ජෝන් අමරතුංග ඇමැතිවරයා එකක් කියනවා. චම්පික රණවක ඇමැතිවරයා තව එකක් කියනවා. මේකේ වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෑ. ඒ වගේම මෙම මංතීරුව විනාශ කළ අයට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. ඒ වගේම මෙම මංතීරුව විනාශ කළ පුද්ගලයින් ලවාම තිබූ තත්ත්වයෙන් ගොඩනගා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදෙන්න බැහැ‘‘ යැයිද විජිත හේරත් මහතා කීය.

Related posts

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

සම්බුදු උපත සැපතකි

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday