ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දවසේ පමණක් රුපියල් 2.10 කින් අවප්‍රමාණය වී ඇති බව ලංකා බැංකුවේ විදේශ මූල්‍ය අංශය පෙන්වා දෙයි.
ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 144.93ක් හා විකුණුම් මිල රු. 148.91ක් ලෙස විය.
මූල්‍ය වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකානු ඩොලරය මෙම සතියේදී රුපියල් 150 ඉක්මවා යනු ඇති බවයි. මෙම අව ප්‍රමාණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදු වන්නක් යැයි ඔව්හු පවසති.