Colombo Today Local News

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙයට අමතරව විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු නිරෝධායනයට යොමු කළ බවද සඳහන් කරයි.

මෙම මන්ත්‍රීවරුන් පහළොස් දෙනා සහ සේවකයන් දෙදෙනා විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීමේදීය.

විපක්ෂනායකවරයා ඔහුගේ කාර්යාලයේද රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබූ අතර එම රැස්වීම්වලදී ආශ්‍රිත වූ පිරිස් සොයාගෙන ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එහි ප්‍රධානීන්ට දැනුම් දුන් බව වේත්‍රධාරි කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඊයේ (24)දින සිට තාවකාලිකව වසා දමා තිබේ.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව යළි ඇවිලේ

colombotoday

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin