Colombo Today Local News

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

කොළඹ දිසා අධිකරණය විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ දිවයිනේ පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු නෙරපාහැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමිනි.

කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.

ඒ අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන අයට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Related posts

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

colombotoday

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

පාතාලයට ගිඅවී සැපයු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෙක් කොටු

colombotoday