Colombo Today Local News

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

රුපියල් බිලියන 15 කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන්, තවත් පැමිණිලි දෙකක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබේ.

එම කොමිසම සඳහන් කළේ, අදාළ පැමිණිලි අද කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බවයි.

අදාළ වංචාව සම්බන්ධයෙන්, කොමිසමට ලද පළමු පැමිණිල්ලේ පැමිණිලිකරු මෙතෙක් ප්‍රකාශ ලබා නොදීම හේතුවෙන්, විමර්ශන කටයුතු ප්‍රමාද වී ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේය.

එම කොමිසම සදහන් කළේ, පැමිණිලිකරුට ප්‍රකාශ ලබා දෙන්නැයි, අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවයි.

ඒ හේතුවෙන්, පළමු පැමිණිල්ල හා සමාන නව පැමිණිලි දෙක එකවර විමර්ශනය කිරීම කෙරෙහි අවදානය යොමු වී ඇතැයි, එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ පිළිබඳ අවසන් තීරණය අද රැස්වන කොමිෂන් සභාවේදී ගනු ඇතියි.

මේ අතර, රුපියල් බිලියන 15 කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විගණන පරීක්ෂණයක් ද, ක්‍රියාත්මක බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

ලංකාව අනාගමික කරන්න, ත්‍රස්ත පනත අහෝසිකර කොටි සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කෙරේ…

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

Admin

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday