Colombo Today Local News

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

පවුල් දේශපාලනය පසෙකට දමමින් මහපොළවෙන් පැමිණි එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණෙ හිටපු ජනාධිපති ජේ.ආර්. එයාගේ මාමා වුණු නිසා. රනිල් දක්ෂයෙක්වත් වැඩකාරයෙක්වත් නොවෙයි. ඒ ගොල්ලෝ තමයි මේ රටේ මේ අර්බුදයේ පීතෘවරු. එයා තමයි රට වැඩියෙන්ම ණය කරේ. අවුරුදු හතළිස් අටක් එයා පාර්ලිමේන්තුවේ. ලංකාවේ පැරණිම රාජධානිය, අනුරාධපුරයයි. ඉන්පසු අපේ රටේ සියලු රාජධානි බිඳ වැටුණා. අන්තිමට අපේ රට සුද්දාට යටත් වුණා. එක්දහස් නමසිය හතළිස් අටේ ඊනියා නිදහසක් ලැබුණා. දැන් අර ඓතිහාසික අනුරාධපුර නගරයෙ හැදීවැඩිලා, එහෙ ඉගෙන ගෙන කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා, භෞතික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිය දිනාගෙන, පවුල් දේශපාලනය පැත්තකට දාලා මහ පොළොවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. ඔහු මහපොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වුණු නායකයෙක්”

යනුවෙන් එතුමා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරන ලදී

Related posts

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

Admin

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday