Colombo Today Local News

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පවත්වා තිබේ.දිවයින පුරා පිහිටි රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ 850 ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඖෂධ වර්ග පනස්පහක හිඟයක් පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වා දී ඇත.

ඖෂධ හිඟයක් නිර්මාණය වීමට බලපා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාදී ඇති ටෙන්ඩර් නැවත කැඳවීම හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසිකලට ඖෂධ සැපයීමට නොහැකිවීම බව මෙහිදී හෙළිවී ඇත.තවද දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා ඇණවුම් භාරදීම ප්‍රමාද වීමද තවත් හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම ඖෂධ ලබා ගැනීම සඳහා වු ප්‍රසම්පාදන කමිටු රැස්වීමද (28) පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොමැත.මේ හේතුන් මත ලබන වසරේ පළමු මාස හය තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් එය මඟ හරවා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.අක්ෂිකාච, සෝඩියම් බයි කාබනේට්, පෙනහළු ආබාධ, රෝගින්ට ලබාදෙන Amphotericin එන්නත්ද රෝහල් පද්ධතියේ නොමැති බව මෙහිදී අනාවරණය විය.

– Aruna

Related posts

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

Admin

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

ඒකීයභාවය රකිමින් ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයෙකුට රට භාර දෙන්න – මහා සංඝරත්නය අවධාරණය කරයි

colombotoday

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday