Colombo Today Local News

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භුමි ප්‍රමාණයක ස්වභාවික වනය විනාශ කිරීමකට පත්කර කරගෙන යනු ලැබූ ගංජා වගාවක් සොයාගෙන තිබේ. වැටලීම සිදුකර ඇත්තේ අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසිනි.

වගා භුමිය කරගෙන ගිය සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයාගෙන ඇත.

එම ගංජා හේන නැගෙනහිර පළාතේ මෙතෙක් වගා කර පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති විශාලතම ගංජා හෙන බව ද පැවසෙනවා. සැකකරුවන් පිරිස ඉතා වටිනා බුරුත, වීර, කළුවර, ඇතුළු ගස් කපා බිම දමා, ගිනි තබා වගා භුමිය පවතවාගෙන ගොස් තිබේ.

අක්කරපත්තුව, සම්මන්තුරේ, කල්මුණේ, පොතුවිල් සහ කොළඹ ප්‍රදේශයන්ට ද ගංජා බෙදාහැරීම මෙම වගාකරුවන් විසින් සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිකරගෙන ඇත.

අම්පාර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් 50ක පමණ පිරිසක් විසින් එම ගංජා හේන විනාස කිරීම සඳහා අද අලුයම ලාහුගල සීමාවෙන් වනෝද්‍යානය වෙත පිවිස දිනක් තුල අක්කරයක පමණ ප්‍රමාණයක් විනාශ කර දමා ඇත.

Related posts

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday