පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වීම පිළිබදව සැක පළකරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබදව කරුණු විමසීමට එහිමියන් අද (26) රහස් පොලීසිය වෙත කැදවනු ලැබුවා.
එහිදී මාධ්‍යට අදහස් දක්වමින් උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කළේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් තමන් වහන්සේ විවේචනය කරන්නට පටන්ගෙන ඇති බවත්, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සෝභිත හිමියන් ඝාතනය නොවූ බවත් එය අපවත්වීමක් බවට තීන්දුවත් දී අවසන් බවයි. ඒ පිළිබදවද බරපතල සැකයක් මතුවන බව උන්වහන්සේ පවසයි.
උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදිය