Colombo Today Local News

සෝභිත හිමි අභිරහස් අපවත්වීම ගැන උඩුවේ හිමියන්ගෙන් නිවේදනයක්

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සැකමතුවන කරුණු දක්වමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා වෙත ‍ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් සංවේගයට හා කුතුහලයට හේතුවක් බවයි. ඒ සඳහා කාරණා කිහිපයක් බලපා ඇති බවද උන්වහන්සේ එම ලිපිය මගින් සඳහන් කර ඇත.

පෞද්ගලික රෝහලකදී සෝභිත හිමියන් ශල්‍ය කර්මයට ලක් කළ පසු සුවවී එම රෝහලෙන් පිටවීම, රෝහලෙන් පිටවන විට අසනීපයක් නොතිබීම, අනතුරුව වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාම, එහිදී අසාධ්‍යව නැවත පෙර සිටි රෝහලට ගෙනඒම, දින කිහිපයකට පසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි උන්වහන්සේ සිහිසුන්ව සිටියදී වෛද්‍ය උපදෙස් නැතිව සිංගප්පූරුවට ගෙනයාම, ප්‍රවාහනයේදී පුහුණුවක් ඇති වෛද්‍යවරු සම්බන්ධ කර නොගැනීම, ඉහත තීරණ ගත්තේ කවරෙකු විසින්දැයි තොරතුරු නොමැතිවීම හා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම එම කාරණාය.

එම ලිපිය පහතින් දැක්වේ.

Related posts

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

රැකියාවට හැකියාවක් නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකයේ දොර වැසෙයි

colombotoday

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin