Colombo Today Local News

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

hela-bodu-saviyaඅයි එස් අයි එස් ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවත්,  රට තුළ වර්ධනයවන ඉස්ලාම් අන්තවාදය පිළිබදව වහාම අවධනය යොමු කළ යුතු බවත් දන්වමින් හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට තිබෙනවා.

ගරු ජනාධිපති තුමා
ජනාධිපති ලේකම් කර්යාලය.
කොළඹ 01
ජනාධිපති තුමනි,

අයි‍.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ලංකාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කළ යුතුය.

ඉස්ලාම් අන්තවාදයත් සමග ගොඩනැගෙමින් ඇති අයි.එස්.අයි.එස් සංවිධානය ලෝකයට මහත් විනාශයක් කරමින් ඇත. ලංකාවේ ද ඉස්ලාම් අන්තවාදය ගොඩනැගිමට ඇති ප්‍රවනතාවයට වැට බැඳිය යුතුය. දැනට මාලදිවයිනයේ විශාල පිරිසක් මෙම ත්‍රස්වාදය සමග බැදි කටයුතු කරන බව ලෝක ප්‍රවෘත්ති වර්තාවලින් පෙන්වා දෙයි. එසේම දැනට මාලදිවයින් වැසියන් පකිස්තානුවන් විශාල පිරිසක් ලංකාවේ පංදිචියට පැමිණ ඇතැයි ද වර්තාවේ. එම නිසා මෙම ඉස්ලාම් අන්තවාදය පිලිබදව හෙවත් අයි.එස්.අයි එස් ත්‍රස්වාදය සෙවිටම අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරිමට අවශ්‍ය බැවින් ලංකාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්වාදය තහනම් සංවිධානයක් ලෙස තහනම් කළ යුතු යැයි යෝජනා කර සිටිමු.

අපට එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී සංවිධානය ලෝකයේ වෙනත් රටවල තහනම් කර තිබිම නිසා ඒ සඳහා මැදිහත් වීමට එම රටවලට හැකියාව තිබිණි. අද අපට ලෝකයේ තනි රාජ්‍යයක් ලෙස පෙනී සිටිමට නොහැකිය. ලෝක ප්‍රවනතා සමග ගමන් කළ යුතුය. එබැවින් ගරු ජනාධිපති තුමනි යම් දෙයක් සිදු විමට පෙර, පෙර සුදානම් විම දුර දක්නා රාජ්‍ය නායකයෙක් ගේ වගකීමය. අපගේ රටේ ඇති ආගමික හා ජාතික නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනිමට මාන බල පිරිස් නැතැයි අපට විශ්වාස කළ නොහැකිය.

බ්‍රසල්ස් නුවර සිදු වු ආවසනාවන්ත සිදු විමටක් අපට තුළත් සිදු වුවහොත් අද නැගීගෙන එන සංචාරක ව්‍යාපාරයට ද විශාල වශයෙන් කඩ වැටිමට ඉඩ ඇත. ලංකාව දියුණු රාජ්‍යක් කිරිමට ඇති ප්‍රධාන මාර්ගයක් ලෙස දැක ගත හැකි වන්නේ සංචාරක ව්‍යාපාරයි. එම නිසා ලංකා ත්‍රස්වාදය නොමැති ආරක්ෂිත රටක් වශයෙන් ප්‍රචලිත කිරිමට නම් මෙවැනි ත්‍රස්ත සංවිධාන තහනම් කර දකුණු අසියානු කළාපයේ සුරක්ෂිත රටක් ලෙස පවත්වා ගෙන යායුතු බැවින් අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය තහනම් කළ යුතුයැයි අපි යෝජනා කර සිටින අතර මෙවැනි තත්ත්වයක් උදාවුවහොත් එයට මුහුණ දිය හැකිවන අයුරින් විශේෂ ආරක්ෂක පුහුණු ඒකකයක් ස්ථාපිත කරන ලෙස ද යෝජනා කර සිටිමු.

සසුන්ලැදි,

බුදුගල ජිනවංස හිමි
සභාපති
හෙළ බොදු සවිය

Related posts

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

colombotoday

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

colombotoday