වස විස නැති ආහාර ප්රචලිත කිරීමේ ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති ප්රදර්ශනයෙන් රුපියල් කෝටි 7කට අධික මුදලක් එහි සංවිධායකයන් විසින් යටිමඩි ගසාගෙන ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
එම සමාරම්භක වැඩසටහනේ නිල ගීතයට පමණක් රුපියල් ලක්ෂ දහයක මුදලක් වැය වූ බව පෙන්වා මුදල් ලබාගෙන ඇති බවයි සදහන් වන්නේ.
මෙම ප්රදර්ශනය ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයවනු ලැබුණු අතර හෙළ උරුමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ නමක් එහි මූලිකත්වය ගෙන කටයතු කරනු ලැබුවා.