Colombo Today Local News

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

mithrepala sieisena 3

ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්‍රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිලිප් රජතුමා සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර සිටී.

බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදින් විසින් සිදු කළ මෙම නිවට සහ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබද පුවත අසා තමා ඉතා කම්පාවට පත් වූ බවයි. තමන් පෞද්ගලිකවත්, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙනුත් ඛෙල්ජියම් රජය සහ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරන බව ද ජනපති දන්වා තිබේ.

සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමුහිකව විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය මෙම ප්‍රහාරය සමග නැවතත් සිහිපත් කර දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

“ගව ඝාතන තහනමට එරෙහිව මුසම්මිල්ගේ, කබීර් හෂිර්ම්ගේ උවමනාවට වැඩකරන්නේ මලික් සමරවික්‍රමයි” එජාප ප්‍රකාශකයෙක්

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

Admin