Colombo Today Local News

යූක්‍රේනයේදී අලුත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක – 02 ගුවන් බල ඝනයට අයත් ඇන්ටොනෝව් යානා 03ක් යළි ගුවන් හමුදාවට

යූක්‍රේනයේ අලුත්වැඩියා කිරීමකට ලක් කළ ඇන්ටොනෝව් – 32 වර්ගයේ ගුවන් යානා තුනක් පසුගිය 11 දා රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකින් අනතුරුව යළි ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් කරගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසීය.

මෙම ඇන්ටොනෝව් – 32 ගුවන් යානා භාණ්ඩ, මගීන් ප්‍රවාහනයට මෙන්ම පැරෂුට් ගුවන් භටයන් පුහුණු කිරීමට, යුධ අභ්‍යාස සඳහා යොදා ගැනීමට ද, දේශීය ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට, හදිසි අවශ්‍යතා සඳහා විදේශීය රටවල් වෙත පියාසර කිරීමට ද යොදා ගනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක – 02 ගුවන් බල ඝනයට අයත් මෙම ගුවන් යානා 03 ඉකුත් වසරේ අගෝස්තු මස අලුත්වැඩියා කිරීම සඳහා යූක්‍රේණය බලා පිටත්ව ගොස් තිබිණි. අලුත්වැඩියා කිරීමෙන් පසුව යූක්‍රේණයෙන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී තිබූ අතර, දින 05 ක පියාසැරීමකින් මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබිණි.

එහිදී මෙම ගුවන් යානා 03 ජල ආචාර පවත්වමින්, ඉතා උසස් ආකාරයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුර පිළි ගැනීමට කටයුතු කර තිබේ. මෙම ඇන්ටොනෝව් – 32 ගුවන් යානා 1995 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක් වී තිබූ අතර පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ දී යුධ බිමේ තුවාල ලත් රණවිරුවන්, සිවිල් වැසියන් මෙන්ම සංග්‍රාම භූමියට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට ද දායක වී තිබේ.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු තවත් ඇන්ටොනෝව් – 32 වර්ගයේ ගුවන් යානයක් සහ සී – 130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානා 02 ක් ද මේ ආකාරයට අලුත්වැඩියා කිරීම සඳහා යොමු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් වර්ගයේ ගුවන් යානා 05 ක්, චීනයේ නිෂ්පාදිත එෆ් – 7 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානා 03 ක් මේ වනවිට කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අලුත්වැඩියා කරමින් පවතී.

Related posts

කළුතර බන්ධනාගාරයට පියඹා ආ පාර්සලය

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday