මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් ස්වයං නිරෝධානයට යොමු වී ඇතැයි මීගමුව පොලිසියේ පරිපාලන කාර්යාලය පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා කොවිඩ්19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයා ස්වයං නිරෝධානයට යොමු වී ඇත.