Colombo Today Local News

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

prof gunapala - gey akila

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙන බව වාර්තාවෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව එම ආයතනයේ කාර්ය මණ්ඩලය පෙරේදා දැක්වූ විරෝධතාවට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවද වාර්තාවෙයි.

කැනඩාවේ ඔටාවා නුවර ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනයේ ප්‍රධානියා ලෙස ඉතා ඉහළ වැටුපට සේවය නියැලී සිටි මෙම මහාචාර්යවරයා තම මවු රටට පැමිණ ඇත්තේ තමා උපන් දේශයේ අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණෙනි.

එය ගතවූ වසරකට අධික කාලයක තුළ මූල්‍යමය වශයෙන් මෙන්ම ගුණාත්මක වශයෙන්ද ජාතික අධ්‍යාපන ආයතනය තුළින් ප්‍රකට වූ බවට ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික සේවක සංගමයේ මහලේකම් චන්ද්‍රසිරි රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම අසාධාරණ නීතියට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කරන අතර, සාධාරණ විනිශ්චයක් පතා තමා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.

Ada.lk

Related posts

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

රජයේ මාධ්‍ය සියල්ල ඇමති මංගලගේ ලේකම්වරයෙකුවන රුවන් ෆෙර්ඩිනැන්ඩස් යටතට

colombotoday

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin