Colombo Today Local News

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

බොදු බල සේනා සංවිධානය ඇතුළු හිමිවරුන් පිරිසක් මුලතිව්, වන්නි දිස්ත්‍රික්කයන්හි සිංහල ගම්මානවල නිරීක්ෂණ සංචාරයක නිරතවී සිටිති. ඒ සදහා මාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටී.

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර, කෝකිලායි යන ගම්මානවල පාරම්පරිකව පදිංචිව සිටින සිංහල ජනතාවට නිවාස ලබාදීම සහ, අලුතෙන් පදිංචි කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙන අතර ද්‍රවිඩ සන්ධානයේ ප්‍රදේශීය දේශපාලකයන් විසින් ඊට එරෙහිව දිගින් දිගටම තර්ජණ එල්ල කරමින් සිටී.

වව්නියාව දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය වන කොක්එළිය සිංහල ගම්මානයේ අක්කර 50ක පමණ ප්‍රමාණයක් ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාකාරිකයකු වන හිටපු කොටි පිස්තෝල කල්ල සිමාජික සින්නවන් නමැත්තා විසින් ඩෝසර් කර එහි සිංහල ජනතාව පළවාහැරීමට පසුගිදා කටයුතු කර තිබිණි. එම ඉඩම් පර්චස් 30 කැබලි කර දෙමළ ජනතාව එහි පදිංචි කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටී.එමෙන්ම මුලතිව් කෝකිලාහි පාරම්පරිකව පදිංචිව සිටි සිංහල පවුල් 350ක් පමණ මේ වනවිට එම ඉඩම්වලින් පලවාහැරීමට කටයුතු කර ඇත.

බොදු බල සේනා සංවිධානය මාධ්‍යවේදීන් සමග අද (14) එහි සංචාරයක නිරතව සිටින්නේ මේ පිළිබදව සොයා බැලීම සදහාය. එහිදී ගම්වාසීන් හා භික්ෂූන්වහන්සේ ඇතුළු මාධ්‍යවේදීන් සමග හැඩූ කදුලින් තමන් මුහුණ පා සිටින අසරණ තත්වය පිළිබදව අදහස් දක්වා සිටියහ.

mulative bbs02mulative bbs02 (2)mulative bbs02 (1)

Related posts

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

“ඔලුගෙඩි මාරුවකින් වැඩක් නැහැ… එජාප නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි” – එජාප මන්ත්‍රී මයන්ත

colombotoday

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

“ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණයි.. විසදුමක් නොදුන්නොත් නොසිතූ දේවල් සිදුවෙයි” සම්බන්ධන් රතු එළි දල්වයි

colombotoday