Colombo Today Local News

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, එම බහාලුම්වල සීනි, පරිප්පු හා සහල් අඩංගු බවය.

ලොකු ළූණු සහ අර්තාපල් වැනි දෑ කඩිනමින් නිදහස් කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ඩොලර් හිඟය හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී තිබේ.

නිහාල් සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදි හැකි ඉක්මණින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බවය.

Related posts

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

CEPA විරෝධයට අගමැති කළ අපහාසය තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ හෙළාදකී

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

colombotoday