Colombo Today Local News

2015 ජනවාරි 9 සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ බිදවැටීම බිලියන 600යි

පසුගිය මාස 14 ක කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ප‍්‍රාග්ධන අලාභය රුපියල් බිලියන 600 ඉක්මවන බව කොටස් වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

2015 ජනවාරි 9 වන දින නව රජය බලයට පත් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,605ක් වූ අතර, 2016 මාර්තු 09 වන දින උදෑසන වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,802 දක්වා, එනම් සියයට 23.7කින් (ඒකක 1,802කින්) පහත බැස තිබේ.

ගෝලීය ආර්ථිකය දුර්වල වීම, මුදල් ඒකක අවප‍්‍රමාණය හා පොලී අනුපාත ඉහළ යාම අවපාතයට හේතු වන බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවෝ කියති.

ඉපැයූ ලාභය මත බදු පැනවීම ගැන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කිරීමත් සමඟ දින දෙකක් තුළ කොටස් වෙළෙඳපොළ අගය එක්ක 200කට වැඩි ප‍්‍රමාණයකින්, එනම් සියයට හතරකින් පමණ අඩු වුණු බව ද වාර්තා වේ.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුව පැහැදිලි විශ්වාසයකින් යුතුව මුහුණ දෙන බව පෙනෙන තෙක් හා විදේශ ආයෝජන රට තුළට ගොනැවිත් සංවර්ධනයට යොදවන තෙක් කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් නොවනු ඇතැයි ද එම තැරැව්කරුවෝ කියති.

වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, පොලී අනුපාත හා මුදල් ඒකක අගය ස්ථාවර කිරීම වැනි පියවර ද එවැනි වර්ධනයකට හේතු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

(රාවය)

Related posts

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

ආර්ථික ඔස්තාර්ලට මුදල් ලේකම් කරන්න කෙනෙක් නෑ

Admin

එළවළු මිළ ඉහළට… හාල්,සීනි,මිරිස් ගිනි ගණන්… ජනතාවට අමාරුයි

colombotoday

මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday