සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නාහිමියන් අපවත් වී වදාළ සේක.
නාහිමියන් හදිසි අනතුරකට ලක්ව අද (09) පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට අතුළත් කරනු ලැබූ අතර උන් වහන්සේ අපවත් වන විට 85 වැනි වියේ පසුවූවා.
රට, ජාතිය, ශාසනය හමුවේ වූ අර්බුදවලදී නොබියව, ඍජුපඨිපන්නව තම අදහස් පලකළ උන්වහන්සේගේ නික්මයෑම දැරිය නොහැකි පාඩුවක් වනවා නොඅනුමානය.
අති පූජනීය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා!