Colombo Today Local News

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

eraur baticlo

මඩකලපුව එරාවූර් නගරයේ පිහිටි දෙමළ ජාතිකයන් සතු වෙළදසැල් 6කට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. ඊයේ රාත්‍රී 11ට පමණ කඩු, සහ පොලු මුගුරුවලින් සන්නද්ධව කඩා වැදුණු පිරිසක් එම වෙළදසැල් හයට පහර දී එහි තිබූ භාණ්ඩ එළියට ඇද දමා වෙළදසැල් හිමියන්ටද පහරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අද පෙරවරුව වන විට එරාවූර් නගරයේ පොලිස් ආරක්ෂාව තර කර තිබූ අතර අදාළ සිදුවීම මාධ්‍යට වාර්තා කිරීමද අවහිර කර තිබෙන බව දැනගැන්මට ලැබෙනවා. එරාවූර් නගරයේ දෙමළ ජාතිකයන් සතු වෙළදසැල් 26ක් පමණ තිබෙන බවත් නගරයේ සුළුතර දමිළ ව්‍යාපාරිකයන් හට මුස්ලිම් පිරිසගෙන් දිගින් දිගටම තර්ජණ එල්ල වන බවත් එහි සිටි ප්‍රකාශකයෙකු සදහන් කළා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම අවිගත් කණ්ඩායම් පැමිණ අදාළ වෙළදසැල් හිමියන්ට තර්ජණය කර ඇති බවත්, මෙය දමිළ ව්‍යාපාරිකයන් බියවද්දා නගරයෙන් පළවාහැරීම සදහා කළ ක්‍රියාවක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

 

Related posts

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

ශ්‍රීලනිප-එජාප එක්වි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා

colombotoday