ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
“සියලු කිරි ආහාර නිදහස් කරගැනීම සඳහා අපි ඩොලර් ලබාදුන්නා. වෙනත් යමක් තියෙනවා නම් ශ්රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් කරන්න දෙයක්. අපේ පැත්තෙන් විය යුතු ක්රියාමාර්ග අරගෙන තිබෙනවා” යැයි ඔහු පවසයි.