Colombo Today Local News

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

දිවයිනම ආවරණය වනපරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහිදී අත්අඩංගුවටගෙන ඇති සංඛ්‍යාව 3,880කි.

විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින 672ක්, වරෙන්තු නිකුත් කරඇති 1,572ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි පුද්ගලයින් 127ක්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 983ක්, නීති විරෝධී ගිනිඅවි ළඟතබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු සහ ගිනිඅවි 8ක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 518 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන තිබේ.

පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී තිබේ.

පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අධිකරණය මගින් නිකුත් කළ බැඳුම්කරයකට, ඇප නියෝගයකට, සිතාසියකට හෝ නොතීසියකට පටහැනිව යම් අයෙකු කටයුතුකර තිබේ නම් ඒ අයට වරෙන්තු නිකුත් කෙරෙන බවත් එවැනි අවස්ථාවක ඔවුන් වහාම මෝසමක් මගින් අධිකරණයට භාරවීම හෝ පොලීසියට භාරවීම කළයුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කළේය.

Related posts

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday