හෝමාගම උසාවිභූමිය ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන භික්ෂූන් වහන්සේලා පස් නමක් ලබන 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක මහතා අද නියෝග කරනු ලැබුවා.
පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සදහා රැගෙන යන අවස්ථාවේ ඊට විරෝධය පලකරමින් උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු චෝදනාව මතයි අදාළ හිමිවරුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ. මේ වන විට අදාල සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිමිවරුන් සත් නමත් ඇපමත මුදාහැර තිබෙනවා.
අදාළ හිමිවරුන් පස්දෙනා වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු පිරිසක් අදත් උසාවියට පැමිණ තිබුණා.