Colombo Today Local News

තත්පර පහක් මාස්ක් එක මුහුණෙන් ඉවත් කර සිටීමෙන් ආසාදිතයකු විය හැකි

කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි දෙසතිය තුළ මෙරට ජනතාව කන්න නැතිව මැරෙනවාද? ඔක්සිජන් නැතිව මැරෙනවාද යන්න තීරණය කරන තැනකට පත්විය හැකි යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප‍්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යා ඈයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

දැනට ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය පටන් ගත්තා විතරක් බවත් මෙහි දරුණු තත්ත්වය ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු කියා සිටී. මෙහි ව්‍යාප්තිය වූහාන් ප‍්‍රභේදයට වඩා දෙගුණයකින් පැතිරෙන බව ද කියා සිටින ජීවන්දර මහතා තත්පර පහක් මාස්ක් එක මුහුණෙන් ඉවත් කර සිටීමෙනුත් ආසාදිතයකු විය හැකි බව ද කීය.

දැන් රටේ ජනතාව කොවිඞ් හේතුවෙන්, කන්න නැතිව මියයනවාද? ඔක්සිජන් නැතිව මියයනවාද යන්න සිතන තත්ත්වයකට පත්ව ඇති බවත් කන්න නැතිනම් කිසියම් අයකුගෙන් කෑම ලබා දුන්නත් ඔක්සිජන් නැතිවුවහොත් ජීවත්වෙන්න නොහැකි තත්ත්වයට පත්විය හැකි බවත් ඔහු අවධාරණය කර සිටී. මේ නිසා අලූතින් තීරණ ගෙන රට ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Related posts

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday