Uncategorized

මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග අත්අඩංගුවට

මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (12)දින සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 1ක් සොයාගෙන තිබේ.

ඔහු 43 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කාත්තන්කුඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ට වැඩි ප්‍රමාණයක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී අක්කරේපත්තු ප්‍රදේශයේදී කෘතිමව නිෂ්පාදනයකර ඇති මත්පෙති 4980ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ප්‍රදේශවලදී ද කෘතිමව නිෂ්පාදනය කරන ලද මත්පෙති 190ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Fitness Tips – How much exercise you need to be healthy

colombotoday

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

සෞඛ්‍ය පරිපූරක සමිති වැඩ වරයි! හෙට රෝහල් අර්බුදයක

Admin

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

Admin

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday